GIT විභාගයට ඉල්ලුම් කළත් සිසුන් නෑ.. රුපියල් කෝටි 9ක රාජ්‍ය මුදල් අපතේ යයි..
Monday, 31 August 2026 - 11:36 | Views - 38
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කළද, සිසුන් සැලකිය යුතු පිරිසක් විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රුපියල් කෝටි නවයකට අධික රාජ්‍ය මුදලක් අපතේ ගොස් ඇති බව අනාවරණය වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේයි මෙම තොරතුරු සටහන්ව තිබෙනවා.

එම වාර්තාවට අනුව, 2019 සිට 2024 දක්වා වසර හයක කාලසීමාව තුළ අවස්ථා තුනකදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සියයට 36ක්ම මෙම GIT විභාගයට අයැදුම් කර පවා නැහැ.

වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, විභාගයට ඉල්ලුම් කළ සිසුන් අතුරින් සියයට 42ක පිරිසක් විභාග ශාලා වෙත නොපැමිණීමයි.

මෙම විභාගය පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 507ක මුදලක් වැය කර තිබුණද, ඉන් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දුන්නා.

ඇගයීම් වියදම් හැර විභාගය පැවැත්වූ අවස්ථා තුනේදී එක් සිසුවෙකු වෙනුවෙන් වූ විභාග වියදම රුපියල් 21.65ක් වී ඇති අතර, අයැදුම් කර විභාගයට නොපැමිණි සිසුන් 3,77,816 දෙනා වෙනුවෙන් රුපියල් කෝටි 9.1ක මුදලක් නිෂ්කාර්යව වැය වී ඇති බව විභාග දෙපාර්තමේන්තු වාර්තා වැඩිදුරටත් තහවුරු කළා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top