පමුණුගම එපාමුල්ල මුහුදේදී සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකය.. අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයාගනී..
ජා-ඇල, පමුණුගම - එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අනතුරට ලක්ව අවාසනාවන්ත ලෙස දියේ ගිලී අතුරුදන් වූ පිරිස අතරින් මව, ඇගේ දියණිය සහ ඥාතී දියණියගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය විසින් නිල වශයෙන් තහවුරු කරනවා.
ඉකුත් (30) වනදා පස්වරුවේ මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ අතර, එම මොහොතේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ විශේෂ සෙවීමේ මෙහෙයුම්වලදී මෙලෙස අතුරුදන්ව සිටි කාන්තාවගේ සහ කුඩා ගැහැණු දරුවන් දෙදෙනාගේ සිරුරු ගොඩගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අනතුරින් දියේ ගිලී අතුරුදන් වූ වයස අවුරුදු 13ක් වන පිරිමි දරුවා සොයා නාවික හමුදාව සහ පමුණුගම පොලිසිය එක්ව සිදුකරන විශේෂ සෙවීමේ මෙහෙයුම් සහ වැඩිදුර පරීක්ෂණ කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.