හෝකන්දරදී විශේෂ කාර්ය බලකායෙන් ක්ෂණික වැටලීමක්.. මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට..
මාළඹේ, හෝකන්දර ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු විශේෂ රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුම් III ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30) දින මෙම වැටලීම සිදුකර තිබෙන්නේ මාළඹේ පොලිස් වසමට අයත් හෝකන්දර, වානගුරු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදීයි.
එහිදී සැකකටයුතු මෝටර් රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 105යි මිලිග්‍රෑම් 600ක ප්‍රමාණයක් සොයාගැනීමට නිලධාරීන් සමත් වී තිබෙනවා.
මීට අමතරව ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 39,290ක මුදලක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වුණා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය සහ මාළඹේ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.