පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේදී සිදු වූ අනපේක්ෂිත ඛේදවාචකය.. දිය නෑමට ගිය කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු අතුරුදන්..
Monday, 31 August 2026 - 10:01 | Views - 62
පමුණුගම පොලිස් වසමට අයත් එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටියදී කාන්තාවක් සහ කුඩා ළමයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා වනවා.
ඉකුත් (30) වනදා පස්වරුවේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ලැබුණු හදිසි තොරතුරකට අනුව පමුණුගම පොලිස් ස්ථානය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පරීක්ෂණ සහ සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 04 සහ 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 13ක පිරිමි දරුවෙක්.
අතුරුදහන් වූ සියලු දෙනාම ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිදුවීම සිදු වූ මොහොතේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ඇතිව දියේ ගිලී අතුරුදන් වූවන් සොයා පමුණුගම පොලිසිය මගින් පුළුල් සෙවීමේ මෙහෙයුම් සහ වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබනවා.
Share This Article