ඉන්ධන මිල සංශෝධනය වෙයි.. පෙට්‍රල් පමණක් පහළට, ඩීසල් වෙනසක් නෑ..
Monday, 31 August 2026 - 8:51 | Views - 35
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර සංශෝධනයේදී පෙට්‍රල් වර්ග දෙකෙහිම සිල්ලර මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නැහැ.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00 ක් (පැවැති මිල රු. 414.00) වනවා.

එමෙන්ම ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475.00 ක් (පැවැති මිල රු. 495.00) ලෙසයි.

කෙසේ වෙතත්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල වෙනස් නොවී රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත් පෙර පැවැති මිල ගණන් යටතේම පවතිනවා.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC (LIOC) සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top