ඉන්ධන මිල සංශෝධනය වෙයි.. පෙට්‍රල් පමණක් පහළට, ඩීසල් වෙනසක් නෑ..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙවර සංශෝධනයේදී පෙට්‍රල් වර්ග දෙකෙහිම සිල්ලර මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නැහැ.
ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00 ක් (පැවැති මිල රු. 414.00) වනවා.
එමෙන්ම ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475.00 ක් (පැවැති මිල රු. 495.00) ලෙසයි.
කෙසේ වෙතත්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල වෙනස් නොවී රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත් පෙර පැවැති මිල ගණන් යටතේම පවතිනවා.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC (LIOC) සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වුණා.