අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවැති ජාත්‍යන්තර සම්මාන උළෙල.. 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ලෙස මෛත්‍රීපාල සිරිසේනට අභිෂේක..
Sunday, 30 August 2026 - 21:57 | Views - 96
ශ්‍රී ලංකාවේදී සංවිධාන කරන ලද 'Global Brand Awards 2026' සහ 'SHE FOR THE NATION – Season 2' ජාත්‍යන්තර සම්මාන උළෙල පසුගිය 29 වනදා කොළඹදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබුවා.

මෙම ප්‍රධාන සම්මාන උළෙල කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස හෙවත් ටෙම්පල් ට්‍රීස් හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දිවයිනේ සහ ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, ප්‍රමුඛ පෙළේ කාන්තා නායිකාවන් මෙන්ම ජාත්‍යන්තර සන්නාම රැසක නියෝජිතයින් එක්ව සිටියා.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, ලෝකප්‍රකට 'KGF' චිත්‍රපට මාලාව හරහා දැවැන්ත ජනප්‍රියතාවයක් දිනාගත් ඉන්දීය සිනමා රංගන ශිල්පී ගරුඩා රාම් (Garuda Ram) ද මෙහි විශේෂ ජාත්‍යන්තර ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මෙම අභිමානවත් සම්මාන උළෙලේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' (President of the Happiest Era) ලෙස විශේෂ බුහුමන් සහ ඇගයීමක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top