කෙටි ආහාර මිල අද සිට ඉහළට.. පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල හෙට තීරණය වෙයි..
Sunday, 30 August 2026 - 18:44 | Views - 31
මෙරට තිරිඟු පිටි මිල හදිසියේ ඉහළ නැංවීමට සමගාමීව, ජනප්‍රිය කෙටි ආහාර (Short Eats) වර්ග කිහිපයක මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව වෙළෙඳපොළේ අලෙවි වන පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස් සහ පැටිස් ඇතුළු කෙටි ආහාර මිල මෙලෙස රුපියල් 5කින් ඉහළ යනු ඇති.

මීට අමතරව සාමාන්‍ය ජනතාව දෛනිකව පරිභෝජනය කරන ඉඳි ආප්පයක මිල ද රුපියලකින් වැඩි කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යාම හමුවේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (31) දිනයේදී මාධ්‍ය වෙත හෙළිදරව් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළා.

මෙරට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් විසින් ඊයේ (29) සිට බලපැවැත්වෙන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.

මැදපෙරදිග කලාපයේ ඇති වූ යුධමය වාතාවරණයත් සමඟ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු මෙන්ම ලෝක වෙළෙඳපොළේ ධාන්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම මිල වැඩි කිරීමට ප්‍රධාන හේතුවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top