පිළියන්දල - කොට්ටාව මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුර.. වෑන් රථයක් අධිබල විදුලි කණුවක ගැටෙයි..
Sunday, 30 August 2026 - 15:44 | Views - 42
පිළියන්දල - කොට්ටාව මාර්ගයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් වෑන් රථයක ගමන් ගත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා.

ධාවනය වෙමින් තිබූ වෑන් රථය හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අධිබල විදුලි කණුවක තදින් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හත්දෙනා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රියැදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය දැනට සැක පළකරනවා.

මේ අතර, වෑන් රථය අධිබල විදුලි කණුවේ ගැටීමත් සමඟ එම ප්‍රදේශයේ විදුලි සැපයුමටද බාධා එල්ල වී ඇති අතර, ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් බලප්‍රදේශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top