නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්..
Sunday, 30 August 2026 - 15:09 | Views - 47
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි සරසවි සිසුවියක් පැහැරගෙන යාමට උත්සාහ කිරීම සහ ඊට අදාළව නාවලදී මෝටර් රථයකට පොලිසිය වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස පෙම් පලහිලව්වක් ඇති බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පැහැරගැනීමට උත්සාහ කර ඇත්තේ අදාළ තරුණියගේ පෙම්වතා බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

ඊයේ පස්වරු 1.30ට පමණ මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට නාරාහේන්පිට පොලිසියට හදිසි තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවත්වීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී රථය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති අතර, නාරාහේන්පිට – නාවල මාර්ගයේදී යළිත් රථය නතර කිරීමට සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිසිය විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩි තැබීමත් සමඟ රියදුරු මෝටර් රථය මඟ දමා පලාගොස් ඇති අතර, පොලිසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ සිටි තරුණිය සොයාගෙන තිබෙනවා. ඇය BMICH හිදී පැහැරගැනීමට ලක්වූ තරුණිය බවට හඳුනාගෙන තිබෙනවා.

මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා වන අතර, ඔවුන් දෙදෙනාම මාතර වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ ඇත්තේ පෙම්වතාට නොදන්වා වන අතර, ඇය පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ ඇගේ පියායි.

විශේෂත්වය වන්නේ පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය පෙම්වතාගේ වන අතර, එය උපාධි ප්‍රදානෝත්සවය සඳහා රැගෙනවිත් ඇත්තේ තරුණියගේ පියා විසිනුයි.

දැනට අදාළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර, තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පලාගිය සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මඟින් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top