ඔහිය සංරක්ෂිත වනාන්තරයේ පැතිර යන දැවැන්ත ගින්න.. පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි..
ඔහිය සංරක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව අද (30) හදිසියේ හටගෙන ඇති දැවැන්ත ගින්නක් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ප්‍රකාශ කළා.
පවතින වියළි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හමුවේ වේගයෙන් පැතිර යමින් පවතින මෙම වනාන්තර ගින්න කඩිනමින් පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමක් ද අදාළ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම එක්කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ගින්නෙන් සංරක්ෂිත වනාන්තර පද්ධතියට සහ එහි වෙසෙන වනසතුන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබනවා.