නාවල මාර්ග බාධකයේදී පොලිසියෙන් වෙඩි තැබීමක්.. පොලිස් අණ නොතකා ධාවනය කළ රථයකින් තරුණියක් මුදා ගනී.
Sunday, 30 August 2026 - 14:30 | Views - 98
නාවල ප්‍රදේශයේ පිහිටුවා තිබූ පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කරන ලද සැකකටයුතු මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

මෙම සිදුවීමට මුල් වී ඇත්තේ තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යන බවට පොලිසියට ලැබුණු හදිසි තොරතුරක්.

ඒ අනුව, අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරමින් නාවල මාර්ග බාධකයේදී අදාළ මෝටර් රථය නතර කිරීමට පොලිස් නිලධාරීන් සංඥා කර තිබෙනවා.

කෙසේ වෙතත්, රියදුරු පොලිස් අණ පයිසෙකටවත් මායිම් නොකර අධික වේගයෙන් රථය ඉදිරියට ධාවනය කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී තත්ත්වය පාලනය කිරීම සහ රථය නැවැත්වීම සඳහා පොලිසිය විසින් එම මෝටර් රථයට වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

පොලිස් වෙඩි තැබීමත් සමඟ කලබලයට පත් වූ රියදුරු, මෝටර් රථය සහ එහි සිටි තරුණිය මඟ දමා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වුණා.

සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කළා.

මෝටර් රථයේ සිටි තරුණිය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගිය සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top