දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට අකරතැබ්බයක්.. සඳුදා විශේෂ දුම්රිය ධාවනය අවිනිශ්චිතයි..
මෙම සතියේ යෙදුණු දීර්ඝ නිවාඩුවත් සමඟ එළැඹි සති අන්තයේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා හෙට, එනම් සඳුදා (31) දින විශේෂ දුම්රිය සේවාවන් ලබාදීමේ සම්භාවිතාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
හෙට දිනයේදී ආපසු කොළඹ ඇතුළු නගර කරා පැමිණෙන දුම්රිය මගීන් වෙනත් විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට කටයුතු කරන ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න සඳහන් කළා.
මෙම සතිය තුළ නිවාඩු දින කිහිපයක් යෙදී තිබීම හේතුවෙන් නගරබද ජීවත් වන විශාල පිරිසක් ඉකුත් බදාදා සිටම ගම්බිම් බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙලෙස ගම්බිම් බලා ගිය මගී ජනතාව නැවත ආපසු පැමිණීමට නියමිතව ඇත්තේ මෙම සති අන්තය අවසානයේ වුවද, ඒ සඳහා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.