දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට අකරතැබ්බයක්.. සඳුදා විශේෂ දුම්රිය ධාවනය අවිනිශ්චිතයි..
Sunday, 30 August 2026 - 14:16 | Views - 36
මෙම සතියේ යෙදුණු දීර්ඝ නිවාඩුවත් සමඟ එළැඹි සති අන්තයේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා හෙට, එනම් සඳුදා (31) දින විශේෂ දුම්රිය සේවාවන් ලබාදීමේ සම්භාවිතාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

හෙට දිනයේදී ආපසු කොළඹ ඇතුළු නගර කරා පැමිණෙන දුම්රිය මගීන් වෙනත් විකල්ප ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට කටයුතු කරන ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න සඳහන් කළා.

මෙම සතිය තුළ නිවාඩු දින කිහිපයක් යෙදී තිබීම හේතුවෙන් නගරබද ජීවත් වන විශාල පිරිසක් ඉකුත් බදාදා සිටම ගම්බිම් බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙලෙස ගම්බිම් බලා ගිය මගී ජනතාව නැවත ආපසු පැමිණීමට නියමිතව ඇත්තේ මෙම සති අන්තය අවසානයේ වුවද, ඒ සඳහා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top