දිවයින වටා මුහුදු තීරය රළු වෙයි.. වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සහ ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
Saturday, 29 August 2026 - 17:18 | Views - 39
දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශ කිහිපයක්ම විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටියා.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ මෙලෙස විටින් විට රළු ස්වභාවයක් ගැනීමට ඉහළ හැකියාවක් පවතිනවා.

එමෙන්ම මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රළ මීටර් 2 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

මෙම අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් ද පවතිනවා.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාවට මෙන්ම වෙරළාශ්‍රිතව වෙසෙන ජනතාවට ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top