නේපාලයේ විනාශකාරී ගංවතුරින් අන්තර්ජාලය කැළඹෙයි.. '2012' හොලිවුඩ් චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වන බවට කතාබහක්..
Saturday, 29 August 2026 - 16:47 | Views - 42
නේපාලයේ හදිසියේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් 2009 වසරේ තිරගත වූ '2012' නම් හොලිවුඩ් ව්‍යසන චිත්‍රපටයේ එන ජවනිකාවක් සිහිපත් කරමින් අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජලය ගලා යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන නැරඹූ බොහෝ දෙනෙකුට මතක් වී ඇත්තේ, අදාළ චිත්‍රපටයේ දැවැන්ත ජල කඳක් විසින් ආරාමයක් යටපත් කරනු ලබන දර්ශනයයි.

මෑත ඉතිහාසයේ නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සැලකෙන මෙම ගංවතුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම දැවැන්ත විනාශයක් සිදුවී ඇති අතර, එයින් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග '2012' චිත්‍රපටයේ පැවිදි හිමිනමක් කඳු මුදුනක පිහිටි දෝංකාර දෙන විහාරස්ථානයක් තුළ වැඩ සිටින අවස්ථාවක් දැක්වෙන දර්ශනයක් X (ට්වටර්) සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස හුවමාරු වී තිබුණා.

එහිදී උන්වහන්සේ හිමවලින් වැසුණු කඳු මුදුන් පිටුපසින් දැවැන්ත ජල කඳක් නැගී එන අයුරු දකින අතර, ජලය විහාරය කරා ළඟා වී එය මුළුමනින්ම විනාශ කිරීමට පෙර මහා සීනුව දෙවරක් නාද කරන අයුරු දැක්වෙනවා.

මෙම වීඩියෝව බෙදාහදා ගත් එක් පරිශීලකයෙක් මෙසේ ලියා තිබුණා:

"ඒක හරිම පුදුමයි, ඔවුන් '2012' චිත්‍රපටයෙන් මේක කලින්ම පුරෝකථනය කරලා තියෙනවා #nepal."

මෙම සටහන ඉක්මනින්ම බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, තවත් පරිශීලකයින් කිහිප දෙනෙක්ම නේපාලයේ ගංවතුර දර්ශන බෙදාහදා ගනිමින් එහි සමානකම් පෙන්වා දුන්නා.

"මෙම දර්ශනය දකින විට '2012' චිත්‍රපටය හුදු මනඃකල්පිතයක් පමණක්ම නොවේදැයි සිතේ," යැයි තවත් පරිශීලකයෙක් විනාශයේ දර්ශන බෙදාහදා ගනිමින් ප්‍රකාශ කර ඇත.

තවත් අයෙකු ටිබෙට්-නේපාල දේශසීමාව අසල ඇති වූ හදිසි ගංවතුර දැක්වෙන වීඩියෝවක් හැඳින්වූයේ ‘භීතිය දනවන සුළු’ එකක් ලෙසින්.

එය ‘The Day After Tomorrow’ හෝ ‘2012’ වැනි චිත්‍රපටයක දර්ශනයක් බස්නා ස්වභාවයක් ගන්නා බව ඔහු පවසා තිබෙනවා.

ව්‍යසන චිත්‍රපට හුදෙක් ප්‍රබන්ධ ලෙස සැලකූ යුගය ගෙවී ගොස්, මෙම අසීරු සේයාරූ සහ දර්ශන නිසා තමන්ට දැඩි ‘පරිසර කනස්සල්ලක්’ (environmental anxiety) ඇති වී ඇති බව තවත් සමහරුන් පෙන්වා දුන්නා.

"නේපාලයේ හදිසි ගංවතුර මට '2012' චිත්‍රපටයේ මෙම ක්ලිප් එක මතක් කර දෙනවා. ස්වභාවධර්මය කියන්නේ හරිම භයානක දෙයක්" යනුවෙන් X පරිශීලකයෙක් පවසා තිබුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top