ආපනශාලා හිමියන්ගෙන් හදිසි තීරණයක්.. රොටි, පරාටා ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට..
Saturday, 29 August 2026 - 14:47 | Views - 59
රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත සියලුම ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මෙම නව මිල සංශෝධනය අද (29) මධ්‍යම රාත්‍රියේ සිටම සක්‍රීයව ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කර සිටිනවා.

අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට නිෂ්පාදකයින් කටයුතු කිරීමත් සමඟයි ආපනශාලා හිමියන්ගේ සංගමය මෙම හදිසි තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිවයින පුරා පිහිටි ආපනශාලාවල රොටි, පරාටා, රෝල්ස්, පැටිස් ඇතුළු පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිල ගණන් රුපියල් 5කින් ඉහළ යනු ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top