ආපනශාලා හිමියන්ගෙන් හදිසි තීරණයක්.. රොටි, පරාටා ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට..
රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත සියලුම ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මෙම නව මිල සංශෝධනය අද (29) මධ්‍යම රාත්‍රියේ සිටම සක්‍රීයව ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කර සිටිනවා.
අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට නිෂ්පාදකයින් කටයුතු කිරීමත් සමඟයි ආපනශාලා හිමියන්ගේ සංගමය මෙම හදිසි තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිවයින පුරා පිහිටි ආපනශාලාවල රොටි, පරාටා, රෝල්ස්, පැටිස් ඇතුළු පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිල ගණන් රුපියල් 5කින් ඉහළ යනු ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.