වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනය.. සීගිරියේ සැඟව සිටි ප්‍රධාන චීන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට..
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ උණුසුම් ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඝාතන සිද්ධියට සෘජුවම සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කරනු ලැබුවා.
ඒ අනුව, සීගිරිය ප්‍රදේශයේ රහසිගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙම චීන ජාතිකයින් දෙදෙනාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඉදිරි විමර්ශන සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කර සිටියා.