වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනය.. සීගිරියේ සැඟව සිටි ප්‍රධාන චීන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට..
Saturday, 29 August 2026 - 8:55 | Views - 35
කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ උණුසුම් ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබූ අතර, පසුව ඔහුගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඝාතන සිද්ධියට සෘජුවම සම්බන්ධ වී ප්‍රදේශයෙන් පළාගොස් සිටි සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව, සීගිරිය ප්‍රදේශයේ රහසිගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙම චීන ජාතිකයින් දෙදෙනාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඉදිරි විමර්ශන සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top