බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග යයි.. තංගල්ලේ සහ ගාල්ලේදී තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි..
Saturday, 29 August 2026 - 8:46 | Views - 28
ඊයේ (28) රාත්‍රී කාලයේදී තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල සිදුවූ වෙන් වෙන් පහරදීම් සහ ගැටුම් දෙකකින් තරුණයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු තංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඊයේ රාත්‍රී කාලයේදීම ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී පැරණි අමනාපකමක් මත දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තිබෙනවා.

එහිදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 සහ 29 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top