මුහුණුපොතේ followersලා 8000කින් ගහපු ගේම.. වසර 2ක් තිස්සේ ඡායාරූප විකුණූ තරුණයාට අවසානයේදී සිදුවූ දේ මෙන්න..
සමාජ මාධ්‍ය ඔස්සේ වසර 2ක සිට මුහුණු පොත (Facebook) හරහා ගිණුමක් සාදා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙකු ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) නියෝග කළා.
ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සැකකාර තරුණයා විසින් වසර දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් මෙලෙස කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරමින් මුදල් උපයා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් පවසා සිටියා.
මෙම සැකකරු පවත්වාගෙන ගොස් ඇති සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට අනුගාමිකයින් (Followers) 8,000කට අධික පිරිසක් සිටින බවද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.