කසළ ගොඩවල් නිසා බෝවන කොළඹ මීයෝ.. ජන ජීවිතයට සහ මහජන සෞඛ්‍යයට දැඩි බලපෑමක්..
Friday, 28 August 2026 - 16:47 | Views - 31
ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ මී ගහණය සීග්‍ර ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන අතර, ඒ හේතුවෙන් ජනතාවගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

නගරය පුරා තැන තැන එක්රැස්වී ඇති කසළ ආහාරයට ගැනීමට පුරුදුව සිටින මෙම මීයන්, මේ වන විට කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යයට එල්ල කරන්නේ විශාල තර්ජනයක්.

ජල භීතිකාව සහ මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු ලෙස සැලකෙන බැවින්, මෙම මී උවදුර පාලනය කිරීමට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන හෝටල්, ආපනශාලා සහ වෙළෙඳසැල් වෙතද මී ගහණය ඉහළ යාම නිසා දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මොවුන් විවිධ ස්ථානවල ලැගුම්ගන්නා බැවින් දේපළ මෙන්ම භූමි පරිශ්‍ර රැසක් ද විනාශයට ලක්ව තිබෙනවා.

මෙම මී උවදුර මර්දනය කිරීම සඳහා කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කාණු පද්ධති පවිත්‍රව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.

ඒ වෙනුවෙන් අදාළ බලධාරීන්ට මෙන්ම කොළඹ නගරයේ වෙසෙන සහ දිනපතා නගරයට පැමිණෙන සියලුම ජනතාවටද එක හා සමාන වගකීමක් පැවරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top