ඓතිහාසික දළදා පූජෝපහාරයේ නිමාව.. මහවැලි ගඟේ ගැටඹේ තොටින් ඇරඹුණු දිය කැපීමේ චාරිත්‍රය..
Friday, 28 August 2026 - 8:28 | Views - 32
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන පූජනීය චාරිත්‍රයක් වන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි ගඟේ ගැට‍ඹේ තොටේදී අතිඋත්කර්ෂවත් ලෙස සිදු කෙරෙමින් පවතිනවා.

මෙම පුණ්‍ය භූමියේදී දිය කැපීමේ චාරිත්‍රය නිමවීමෙන් අනතුරුව, අද පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර ඇසළ පෙරහර නිල වශයෙන් නිමාවට පත්වීමට නියමිතයි.

ඊයේ (27) රාත්‍රියේ වීථි සංචාරය කරන ලද අභිමානවත් අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ මහා පින්කම සිදු කරනු ලැබුවේ කතරගම වාසනා හස්ති රාජයා විසිනුයි.

මෙම ඓතිහාසික අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්වූ අතර, ඊට ප්‍රථම ජනාධිපතිවරයා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක උතුම් ආශිර්වාද ලබා ගැනීමටද කටයුතු කළා.

පෙරහර කටයුතු සාර්ථකව නිම කළ බව සනිටුහන් කෙරෙන සන්නස් පත්‍රය, දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් විසින් නිල සංදේශයකින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එම විශේෂ රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top