වලාන දූෂණ මර්දන බලකායෙන් සාර්ථක වැටලීමක්.. බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයේ 'කලෙක්ටර්' කොටු වෙයි..
Thursday, 27 August 2026 - 12:00 | Views - 42

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් එකතු කරන්නා (Collector) වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩෝවිට 3 අදියර ප්‍රදේශයේ පදිංචි ලක්මාල් නමැති පුද්ගලයෙක්.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ සෘජු අධීක්ෂණය යටතේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක් ද සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
මොහු බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහරින්නෙකු ලෙස කටයුතු කර ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.
එමෙන්ම ජාවාරමෙන් දිනපතා ලැබෙන ආදායම් මුදල් එකතු කර යළි බඩෝවිට අසංක වෙත යොමු කිරීම මොහු විසින් සිදුකර ඇති බවද හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Share This Article