"300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න" බලශක්ති අමාත්‍යවරයාගෙන් හදිසි ඉල්ලීමක්..
අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට (300KW) වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල (Solar Panels) ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ මෙම සූර්ය පැනල පද්ධති මෙසේ ක්‍රියාවිරහිත කර තබන ලෙස අමාත්‍යවරයා කියා සිටියා.
පද්ධති ස්ථායීතාව සහ විදුලි බල කළමනාකරණය වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවර සඳහා අදාළ ධාරිතාවලින් යුත් සූර්ය බලශක්ති උත්පාදකයින්ගේ සහ පෞද්ගලික ආයතනවල සහයෝගය අපේක්ෂා කරන බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.