රෝහලට යමින් සිටි පවුලට මඟදී මුහුණදීමට වූ ඛේදවාචකය.. මාරක රිය අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි..
Thursday, 27 August 2026 - 11:25 | Views - 56
කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් දින දහයක් වයසැති බිළිඳෙකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීප් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර සිටියා.

අනතුරින් මෙලෙස දිවි අහිමි වී ඇත්තේ එකම පවුලේ මිත්තණිය, ඇයගේ දියණිය සහ ඇගේ දින දහයක් පමණක් වයසැති අලුත උපන් බිළිඳායි.

මොවුන් පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අසනීපයෙන් පසුවූ දින 10ක් වයසැති කුඩා බිළිඳාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෙම ඛේදජනක අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයේදීම ඔවුන් තිදෙනා දැඩි ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top