වෛද්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළියක්.. ලොව පළමු වරට AI සජීවී සහායෙන් කළ මොළයේ සැත්කම සාර්ථක වෙයි..
Thursday, 27 August 2026 - 11:10 | Views - 31
සජීවී කෘත්‍රිම බුද්ධි (AI) සහාය ලබාගනිමින් මොළයේ සැත්කමකට භාජනය වූ ලොව පළමු රෝගියාගේ මොළයේ තිබූ ගෙඩිය සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

මෙම සංකීර්ණ සහ අතිශය අවදානම් සැත්කමට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකු වන රයිස් හිබට් (Rhys Hibbert) නමැති පුද්ගලයායි.

මීට මාස 18කට පමණ පෙර නිරෝගීව සිටි හිබට්, දිනපතා කිලෝමීටර් තුනකට අධික දුරක් ඇවිදීමට පුරුදුව සිටි අයෙක්. නමුත් හදිසියේම මාර්ගයේ සිහිසුන්ව ඇදවැටීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ඔහුගේ පිටියුටරි ග්‍රන්ථියේ මිලිමීටර් 11ක පමණ පිළිකාමය නොවන ගෙඩියක් හටගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

වර්ධනය, පරිවෘත්තීය සහ හෝමෝන නියාමනය කරන මෙම ග්‍රන්ථිය, පෙනීම පාලනය කරන දෘෂ්ටි ස්නායු සහ ප්‍රධාන රුධිර නාල ආසන්නයේ පිහිටා තිබීම නිසා හිබට්ගේ පෙනීම අහිමි වීමේ දැඩි අවදානමක් පැවති බව ලන්ඩන් විශ්වවිද්‍යාල රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සඳහන් කළා.

සැත්කම සිදුකරන අතරතුර එහි වීඩියෝ දර්ශන සජීවීව විශ්ලේෂණය කළ නවතම AI මෙවලම, මොළය තුළ සැඟවී ඇති වැදගත් රුධිර නාල සහ ස්නායු මගහැරීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ට නිවැරදි මාර්ගෝපදේශ ලබාදී තිබෙනවා.

එමඟින් අවදානම අවම කර ගනිමින් ගෙඩියෙන් හැකි උපරිම ප්‍රමාණයක් ආරක්ෂිතව ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකිවූ අතර, රෝගියා මේ වන විට සාර්ථකව සුවය ලබමින් සිටිනවා.

මෙම නව තාක්ෂණික ප්‍රවේශය ඉදිරියේදී සංකීර්ණ මොළයේ සැත්කම් සඳහා වෛද්‍යවරුන්ට විශාල ආධාරකයක් වනු ඇති බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top