කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශය එකවරම සලිත වෙයි... රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබල භූ කම්පනයක්..
කොලොම්බියාවේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් හදිසි භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.
ඊයේ (26) දින සිදුවූ මෙම භූ කම්පනයෙන් මේ වන තෙක් කිසිදු දේපළ හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ලොස් සැන්ටොස් (Los Santos) නගර සභා බල ප්‍රදේශය ආසන්නයේ සටහන් වී ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 149ක් පමණ ගැඹුරින් සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
භූ කම්පනයත් සමඟ බුකාරමන්ගා (Bucaramanga) නගරයේ හදිසි අනතුරු ඇඟවීමේ සයිරන් පද්ධති සක්‍රීය වී ඇති අතර, ඒ සමඟම ජනතාව සිය ගණනින් සුරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට උසස් ගොඩනැගිලිවලින් ඉවත් වී තිබෙනවා.
එමෙන්ම කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා (Bogota) නගරයේද හදිසි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වූ අතර, නගරවාසීන් රැසකට භූ කම්පනය පැහැදිලිව දැනී තිබෙනවා.