කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශය එකවරම සලිත වෙයි... රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබල භූ කම්පනයක්..
Thursday, 27 August 2026 - 10:23 | Views - 34
කොලොම්බියාවේ ප්‍රදේශ කිහිපයකට රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් යුත් හදිසි භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.

ඊයේ (26) දින සිදුවූ මෙම භූ කම්පනයෙන් මේ වන තෙක් කිසිදු දේපළ හානියක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය කොලොම්බියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ලොස් සැන්ටොස් (Los Santos) නගර සභා බල ප්‍රදේශය ආසන්නයේ සටහන් වී ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 149ක් පමණ ගැඹුරින් සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

භූ කම්පනයත් සමඟ බුකාරමන්ගා (Bucaramanga) නගරයේ හදිසි අනතුරු ඇඟවීමේ සයිරන් පද්ධති සක්‍රීය වී ඇති අතර, ඒ සමඟම ජනතාව සිය ගණනින් සුරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට උසස් ගොඩනැගිලිවලින් ඉවත් වී තිබෙනවා.

එමෙන්ම කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා (Bogota) නගරයේද හදිසි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වූ අතර, නගරවාසීන් රැසකට භූ කම්පනය පැහැදිලිව දැනී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top