සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වූ මහා ජාවාරමක් හෙළිවෙයි.. කාන්තාවන් සහ සිසුන්ගේ පුද්ගලික ඡායාරූප අලෙවි කළ පිරිසක් ගැන පරීක්ෂණ..
Thursday, 27 August 2026 - 9:46 | Views - 24
සමාජ මාධ්‍ය ජාල හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මෙන්ම ඇතැම් වීඩියෝ දර්ශන මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ නීති විරෝධී මාර්ගගත (Online) ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙම සිදුවීමට අදාළව දැනට අනාවරණය කරගත් සියලු කරුණු සහ තොරතුරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID) වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මෙම අනිසි ක්‍රියාවන් සඳහා යොදාගන්නා ඇතැම් සමාජ මාධ්‍යජාලා සමූහ බොහොමයක් විදේශ රටවල සිට මෙහෙයවනු ලබන ඒවා බව විමර්ශනවලදී වැඩිදුරටත් හඳුනාගෙන තිබෙනවා.

යම් හෙයකින් කිසිවෙකු හෝ මෙවැනි ජාවාරමක ගොදුරක් වී ඇති බවට නිරීක්ෂණය වුවහොත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය මනෝ සමාජයීය උපදේශනයන් ලබාදීමට සහ අනෙකුත් නෛතික සහයන් සපයා ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ සඳහා 1938 සහ 1929 යන ගාස්තු රහිත උපකාරක සේවා දුරකථන අංක අමතන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top