සංස්කෘතික මහෝත්සවයේ අවසන් දිනය අදයි.. අවසන් රන්දෝලි පෙරහරේ වීථි සංචාරය අද පස්වරුවේ..
Thursday, 27 August 2026 - 9:34 | Views - 27
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් අවසන් රන්දෝලි පෙරහර අද (27) පස්වරුවේ අතිඋත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතයි.

අද පස්වරු 6.43 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත්වන අවසන් රන්දෝලි පෙරහර, නගරයේ නියමිත පූජනීය වීථි සංචාරය කරමින් බැතිමතුන්ට නරඹන්නට අවස්ථාව සලසා දෙනු ලබනවා.

දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන මෙම අභිමානවත් පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ නානා දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත දේශීය මෙන්ම විදේශීය පිරිස් මේ වන විටත් මහනුවර නගරයට රැස්ව සිටිනවා.

අවසන් රන්දෝලි පෙරහර නිමිත්තෙන් මහනුවර නගරය සහ ඒ හා සම්බන්ධ ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ගමනාගමන කටයුතු සුමටව පවත්වාගෙන යාම වෙනුවෙන් නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top