පොලිසියෙන් දිවයින පුරා දැවැන්ත අපරාධ නිවාරණ මෙහෙයුමක්.. පැය 24ක් තුළ 26868ක් පරික්ෂාවට..
Wednesday, 26 August 2026 - 22:47 | Views - 40
දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම් මඟින් ගෙවුණු පැය 24ක කාලය තුළ පුද්ගලයන් 26,868 දෙනෙකු පරික්ෂාවට ලක් කර 490 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලිස්පතිතුමාගේ උපදෙස් මත සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම විශේෂ මෙහෙයුම් සංවිධානය කර තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මෙම මෙහෙයුම් අතරතුරදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ අධිකරණය මඟින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තු හිමි සැකකරුවන් 228 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.

මීට අමතරව දිවයින පුරා සිදුකළ සෙවුම්වලදී විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී තිබෙනවා.

එමෙන්ම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ රථවාහන පරීක්ෂාවලදී, රථවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,036 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 92 දෙනෙකු සහ බීමත්ව රිය පැදවූ රියදුරන් 37 දෙනෙකුද වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

දිවයින පුරා අපරාධ මැඩලීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි විශේෂ මෙහෙයුම් ඉදිරියටත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top