ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පෙරළියක්.. ජූලියන් වෙබර් අභිබවා රුමේෂ් තරංග යළිත් ලොව අංක එකට..
Wednesday, 26 August 2026 - 20:41 | Views - 33

ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් පළමු ස්ථානය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර දෙවැනි ස්ථානය දක්වා පසුබැස සිටි රුමේෂ්, මෙලෙස යළිත් පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ ජර්මනියේ ජූලියන් වෙබර් දෙවැනි ස්ථානය දක්වා පහතට ඇද දමමින්.
නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුමේෂ් තරංග ප්‍රසාද ලකුණු 1363ක් ලබාගැනීමට සමත්ව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන ජූලියන් වෙබර් ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු 1342ක්.
ඒ අනුව ඔහු ජූලියන් වෙබර්ට වඩා ලකුණු 21ක් ඉදිරියෙන් පසුවනවා.
මෙම සටහනට අනුව ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.
එමෙන්ම ඉකුත් දා නිමා වූ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංගට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියානු ප්‍රකට ක්‍රීඩක නිරාජ් චොප්රා ප්‍රසාද ලකුණු 1301ක් ලබා ගනිමින් පසුවන්නේ මෙම ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේයි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ මෙම විශිෂ්ට දස්කම් සමගින් ලෝක හෙල්ල විසිකිරීමේ අංශයෙන් ශ්‍රී ලංකාවට හිමි ප්‍රමුඛ ස්ථානය නැවතත් තහවුරු කිරීමට රුමේෂ් සමත්ව සිටිනවා.
Share This Article