දිස්ත්‍රික් 7ක 84,000කට අධික පිරිසක් දැඩි වියළි කාලගුණයට හසුවෙයි.. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජලය බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක්..
Wednesday, 26 August 2026 - 18:52 | Views - 46
දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 84,000කට අධික සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 26,457ක සාමාජිකයින් 84,545 දෙනෙකු මෙම වියළි කාලගුණයේ බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කළා.

පවතින ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් හදිසි පානීය ජලය බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් ආවරණය වන පරිදි පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා නිරන්තරයෙන් පානීය ජලය සැපයීමට බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කළා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළා.

ඊට අමතරව, කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ජලාශයෙන් තත්පරයට ඝන මීටර් 20ක පමණ ජල ප්‍රමාණයක් කුඩා ගඟට මුදාහැරෙන බැවින් අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top