ලොව අංක එකේ චෙස් කිරුළ දරන මැග්නස් කාල්සන් පරාජයට.. 15 හැවිරිදි ඉන්දීය පුංචි සූරයාගෙන් පෙරළිකාර ජයක්..
Wednesday, 26 August 2026 - 16:52 | Views - 31
ලොව අංක එකේ ප්‍රමුඛතම චෙස් ක්‍රීඩක මැග්නස් කාල්සන් (Magnus Carlsen) පරාජය කිරීමට වයස අවුරුදු 15ක් පමණක් වන ඉන්දීය ජාතික වන්දන් අලංකාර් සවායි (Vandan Alamkar Sawai) සමත්ව තිබෙනවා.

ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මඟින් සංවිධානය කරන ලද සතිපතා "Titled Tuesday" චෙස් තරගාවලියේ දෙවන වටයේදී සුදු ඉත්තන්ගෙන් ක්‍රීඩා කළ වන්දන්, ලකුණු 2,823ක ඉහළ ප්‍රසාද අගයක් සහිත ලෝක ශූර මැග්නස් කාල්සන් හමුවේ පියවර 50කදී මෙම විශ්මයජනක ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තමා ලැබූ මෙම අද්විතීය ජයග්‍රහණය පිළිබඳව වන්දන් සිය දෙමාපියන්ට හෝ පුහුණුකරුට පවා පූර්ව දැනුම්දීමක් සිදුකර නොමැති අතර, පසුව ඔහුගේ පියා විසින් අන්තර්ජාලය ඔස්සේ තරග විස්තර දැක විමසූ විට පමණක් ඒ පිළිබඳව පවසා තිබීම විශේෂත්වයක්.

"අපේ බලකිරීම මතයි ඔහු මෙම තරගාවලියට එක්වුණේ. ඔහු ලැබූ ඒ විශිෂ්ට ජයග්‍රහණය ගැන අපිට කිව්වෙත් මහත්තයා අන්තර්ජාලයෙන් දැකලා ඒ ගැන විමසුවට පස්සෙයි," යනුවෙන් වන්දන්ගේ මව මාධ්‍ය වෙත පවසා තිබුණා.

දෙල්හිහි සර්දාර් පටේල් විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම 15 හැවිරිදි දක්ෂ යොවුන් ක්‍රීඩකයාගේ ඊළඟ ප්‍රධාන ඉලක්කය වන්නේ චෙස් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මාස්ටර් (International Master) ධුරය හිමිකර ගැනීමයි.



මූලාශ්‍රය - ND TV
 
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top