කල්මුණේ සිට පුත්තලමට ඉබ්බන් රැගෙන ගිය ජාවාරමක් මාට්ටු.. කාඩ්බෝඩ් පෙට්ටියෙන් එලියට ආ ඉබ්බන් නිසා වැඩේ මාට්ටු වෙයි.
Wednesday, 26 August 2026 - 16:33 | Views - 37
කල්මුණේ සිට පුත්තලම දක්වා ධාවනය වූ ලංගම බස් රථයකින් කිරි ඉබ්බන් අට දෙනෙකු ආරක්ෂිත නොවන ලෙස රැගෙන යමින් සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු කිරි ඉබ්බන් හය දෙනෙකු සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, මන්නාරම්පාර, වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කාඩ්බෝඩ් පෙට්ටියක මෙම කිරි ඉබ්බන් අටදෙනා දමාගෙන බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත්, බස් රථය වැලිකන්ද ප්‍රදේශය පසුකරමින් තිබියදී පෙට්ටියෙන් එළියට ආ කිරි ඉබ්බන් දෙදෙනෙකු බස් රථය තුළ ඇවිද යන අයුරු මගීන් දැක ඇති අතර, සැකකරු වහාම එම ඉබ්බන් දෙදෙනා මාර්ගය අසල තිබූ මඩවලකට දැමීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව බස් රථයේ සිටි මගියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මනම්පිටිය පොලිසිය, බස් රථය පරීක්ෂා කිරීමේදී පෙට්ටිය තුළ සිටි තවත් කිරි ඉබ්බන් හයදෙනෙකු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන රූපසිංහ (54860), බංදුල (49476), බණ්ඩාර (70121) සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් වන සුසිල් (M11880), රම්බණ්ඩා (M006996) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කිරි ඉබ්බන් හයදෙනා ද සමඟ අද (26) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top