අම්බලන්ගොඩ පොලිසියේ වීඩියෝව නිසා දැඩි උණුසුමක්.. සිද්ධියට සම්බන්ධ SIට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්..
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ පසුගියදා සිදුවූ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා (SI) වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථානයකට මාරු කර තිබෙනවා.
අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවට චෝදනා කරමින් තරුණයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.
එම සිද්ධිය සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කිරීමත් සමඟයි මෙම පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ වීඩියෝවේ සඳහන් වන පියා නැමැති පුද්ගලයා පෙරේදා රාත්‍රියේ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළා.
මෙම සිදුවීමට අදාළව සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.