අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසල දැඩි රථවාහන තදබදයක්.. විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දීමක්..
Wednesday, 26 August 2026 - 15:32 | Views - 73
දිවයින පුරා පිහිටි අධිවේගී මාර්ග ජාලයේ ස්ථාන කිහිපයක මේ වන විට අතිශය දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගවලට ඇතුළු වන සහ පිටවන ප්‍රධාන ස්ථාන කිහිපයකම මෙලෙස වාහන පේළි ගැසී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම අසල මෙම රථවාහන තදබදය දැකගත හැකි වනවා.

නිවාඩු දින සහ ගමනාගමන කටයුතු වැඩිවීමත් සමඟ මෙලෙස එකවර වාහන විශාල ප්‍රමාණයක් පැමිණීම මෙම තදබදයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

අදාළ ස්ථානවල පවතින දැඩි පෝලිම් සහ ගමනාගමන බාධා හේතුවෙන්, එම මාර්ග භාවිත කිරීමට බලාපොරොත්තු වන රියදුරන්ට හැකි තරම් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නා.

එමෙන්ම, මෙවැනි තදබදයක් පවතින අවස්ථාවලදී නොඉවසිලිමත් ලෙස රිය ධාවනය නොකර, අතිශයින්ම පරීක්ෂාකාරීව සහ අවධානයෙන් යුතුව රිය ධාවනය කරන ලෙසද අධිකාරිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top