පැය 24ක් තුළ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 6ක් අහිමි වෙයි.. ආරක්ෂාකාරීව රිය පදවන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්..
Wednesday, 26 August 2026 - 14:22 | Views - 49
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ රිය අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිසෙන් හතරදෙනෙකුම රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

අඩම්පන් වෙඩිතලතිව් 10 වන කොටස සහ මාතලේ-රත්තොට මාර්ගයේ වේරගම ප්‍රදේශයේ සිදුවූ අනතුරුවලින් හත් හැවිරිදි කුඩා දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය අතර, ග්‍රෑන්ඩ්පාස් ඉඟුරුකඩේ මංසන්ධිය අසලදී පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් ටිපර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඊට අමතරව, දෙහිඅත්තකණ්ඩිය කළුවැවේ දිය නාමින් සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු සහ කල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීමට බෝට්ටුවකින් ගිය 21 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මේ අතර, උදාවූ දීර්ඝ නිවාඩුව හේතුවෙන් අද උදෑසන සිටම දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිටවීමේ ස්ථාන රැසක දැඩි රථවාහන තදබදයක් පැවතුණා.

විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට දිවෙන මංතීරුවේ දොඩංගොඩ සහ ගැලනිගම අතර කොටස සහ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව සිට පස්යාල දක්වා කොටසේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු නිසා එම මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම අවදානම් සහිත තත්ත්වය සහ පවතින රථවාහන තදබදය සලකා බලමින්, අතිශයින්ම පරීක්ෂාකාරීව මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව රිය ධාවනය කිරීමට වගබලා ගන්නා ලෙස පොලිසිය සියලුම රියදුරන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top