මෙරටට ගෙනා බස් ලලිත් වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට..
Tuesday, 25 August 2026 - 9:45 | Views - 55
මෙරටට ගෙනා බස් ලලිත් වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට..
දිවයිනට රැගෙන ආ බස් ලලිත් වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් නමැති ඔහු, අද (25) අලුයම දිවයිනට රැගෙන ආවා.
සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම් දීමට අනුවයි.
Share This Article