පියාගේ දේහය ඉදිරියේ හඬා වැටුණු මන්ත්‍රීවරයා.. ඇප මත නිදහස් වූ දිනයේම සිදුවූ අදහාගත නොහැකි සිදුවීම..
සිරදඬුවමින් නිදහස් වී නැවතත් තම ආදරණීයයන් අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිතේ සතුටක් තබාගෙන නිවසට ආ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට මුහුණ දීමට සිදු වී ඇත්තේ මුළු ජීවිත කාලයටම අමතක නොවන අතිශය දුක්බර සිදුවීමකටයි.
පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 18ක සිරදඬුවමක් විඳිමින් සිටි ඒ මහතා, ඉදිරිපත් කරන ලද ඇපෑල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අද දිනයේදී අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබුණා.
කෙසේ වෙතත්, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කිරීම ඇතුළු ඇප කොන්දේසි කිහිපයක්ද ඔහු වෙත පනවා තිබුණා.
දීර්ඝ කාලයකට පසුව ලත් එම නිදහසත් සමඟින් මහත් බලාපොරොත්තු ඇතිව සිය නිවස වෙත පැමිණි චමින්ද විජේසිරි මහතාට දැකගන්නට ලැබුණේ අදහාගත නොහැකි ශෝකජනක පුවතක්.
ඒ, සිරගෙයින් නිදහස් වී තමන් නිවසට එන තෙක් පෙරමග බලන් සිටි ඔහුගේ ආදරණීය පියා, ඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයකින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
තමන් ලැබූ නිදහසේ සතුට විඳගන්නටත් පෙර, තමන්ට සෙවණැල්ලක් වූ පියාගේ දේහය ඉදිරියේ හඬා වැටෙන්නට සිදුවීම ඕනෑම මිනිසෙකුගේ හදවත සංවේදී කරවන ඛේදනීය පුවතක්.
සිරගෙයින් ලැබූ නිදහස එක මොහොතකින් මහත් ශෝකාකූල වේදනාවක් බවට පත් කරමින්, චමින්ද විජේසිරි ඇතුළු එම පවුලේ සැමට අද දිනය අතිශය දුක්බර දිනයක් බවට පත්වී තිබෙනවා.