අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් ඛේදනීය අනතුරක්.. එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකුට තුවාල..
Monday, 24 August 2026 - 12:16 | Views - 38
අලුත්ගම, ගනේගම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ඛේදනීය සිදුවීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළා.
අනතුර සිදුවීමත් සමඟ එම ස්ථානයට රැස්ව සිටින ප්‍රදේශවාසීන් සහ පිරිස අතර යම් උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව ද වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article