අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි.. මහියංගනයේ වන ලැහැබකින් සොයාගත් පුවත..
අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරීරය සිදුකළ සෙවුම් මෙහෙයුමකදී අද (24) උදෑසන සොයාගත් බව මහියංගනය පොලීසිය පවසනවා.
මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේ වියානා ඇළ අසල අතහැර දමා තිබූ මෝටර් රථයක් පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.
ඊයේ (23) රාත්‍රියේ සිට එම ස්ථානයේ නවතා තිබූ මෝටර් රථය මෙලෙස අතුරුදන් වූ විශේෂඥ වෛද්‍යවරයාට අයත් එකක් බවට හඳුනාගැනීමෙන් අනතුරුව, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව එම පරිශ්‍රය පුරා සෙවුම් මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගත්තා.
එම වාහනය නවතා තිබූ ස්ථානයට ආසන්නයේ වූ වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ මෘත ශරීරය හමු වී ඇති අතර, සිරුර අසල තිබී යම් ඖෂධ පෙති වර්ගයක් ද සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.