අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැසි වැඩිවෙන බවට පුරෝකථනයක්.. දිස්ත්‍රික්ක 7ක දහස් ගණනක් වියළි කාලගුණයෙන් පීඩාවට..
Monday, 24 August 2026 - 11:53 | Views - 47
එළැඹෙන අගෝස්තු 25 වනදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, මේ වන විට අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පවතින වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 25,628 කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි.

මෙම පීඩාවට පත් ජනතාව අතරින් 72,153 දෙනෙකු වෙත මේ වන විට පානීය ජලය බෙදාදීමේ කටයුතු සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතලේ, විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඬියන්ගල දියවර ගම්මානයේ පවුල් 500කට ආසන්න ජනතාවක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටිනවා.

තමන්ට කඩිනමින් ජල පිරිපහදු ව්‍යාපෘතියක් ලබාදෙන ලෙසයි එම ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අම්බලන්තොට වලවේ ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවීම නිසා ජලය පිරිපහදු කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පානීය ජල පිරිපහදු කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර, ප්‍රදේශ රැසක ජල සැපයුම සීමා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top