කොළොන්නාවේ සෝදිසි මෙහෙයුමකදී හෙළි වූ ජාවාරම.. මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයා ඇතුළු දෙදෙනාට අධිකරණයෙන් ලැබුණු නියෝගය..
Monday, 24 August 2026 - 11:35 | Views - 46
කොළොන්නාව නගර සභාවේ ජාතික ජන බලවේගයේ (මාලිමාව) නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කොළොන්නාව සහ ඒ අවට ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව තිබෙනවා.

එහිදී පරීක්ෂාවට ලක් කළ එක් සැකකටයුතු පුද්ගලයෙකු තවත් අයෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණ ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරුව අත්අඩංගුවට ගෙන, ඔහුව උපායදූතයෙකු ලෙස යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එහිදී එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top