සම්මාන රැසකින් පිදුම් ලැබූ හිරු මාධ්‍ය ජාලය.. Diamond Excellence 2026 උළෙලේදී ලැබූ පෙරළිකාර ජයග්‍රහණය මෙන්න..
Monday, 24 August 2026 - 10:35 | Views - 54
2026 Diamond Excellence සම්මාන උළෙලේදීත් හිරු මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වුණා.

'City of Dreams' හෝටල් ප්රිශ්‍රයේදී අද (23) පැවත්වෙන මෙම සම්මාන උළෙලේදී, වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සන්නාමය සඳහා වන සම්මානය 'HIRU NEWS' හිමිකර ගත්තා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී ජාලයට හිමි සම්මානය Hiru TV හිමිකරගත්තා.

වසරේ ජනප්‍රියම රියැලිටි වැඩසටහන් විශිෂ්ටත්ව සම්මානය හිරු ටිවී 'Hiru Star' වැඩසටහනට හිමි වුණා.

වසරේ විශිෂ්ටතම දේශපාලන වැඩසටහන සඳහා වන සම්මානය හිමිවුණේ හිරු ටීවී 'සලකුණ' වැඩසටහනටයි.

එමෙන්ම, වසරේ ජනප්‍රියතම තොරතුරු ඉදිරිපත් කිරීමේ උදෑසන වැඩසටහනට හිමි සම්මානය හිරු ටිවී 'පත්තරේ විස්තරේ'ට හිමි වුණා.

වසරේ විශිෂ්ටතම ආගමික, අධ්‍යාත්මික සහ සංස්කෘතික සන්නිවේදනය සහිත වැඩසටහනට හිමි සම්මානය 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' වැඩසටහනට හිමිවුණා.

මෙහිදී වසරේ විශිෂ්ටතම සංස්කෘතිකමය වින්දනාත්මකභාවය සහිත රූපවාහිනී සංගීත නිෂ්පාදනය සහිත වැඩසටහනට හිමි සම්මානය හිමිකරගත්තේ හිරු ටිවී 'ජාන' වැඩසටහනටයි.

වසරේ ජනප්‍රියතම සජීවී වින්දනාත්මක වැඩසටහනට හිමි සම්මානය හිරු ටීවී 'Copy Chat' වැඩසටහන හිමිකර ගත්තා.

එමෙන්ම, වසරේ විශිෂ්ටතම රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවට හිමි සම්මානය හිරු ටීවී 'රොන් සොයා' ටෙලි නාට්‍යයටත්, වසරේ වඩාත් ජනප්‍රියම සති අන්ත ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිරු ටීවී 'ඔබ එන්න ඇවිත් යන්න' ටෙලි නාට්‍යයටත් හිමිවුණා.

හිරු ටීවී 'පොඩි වැඩ්ඩෝ' වැඩසටහන වසරේ ජනප්‍රියතම ළමා කුසලතා සහ විනෝදාස්වාද වැඩසටහනට හිමි සම්මානය හිමිකරගත්තා.

මෙහිදී, වසරේ ජනප්‍රියතම රූපවාහිනී යූටියුබ් නාලිකාවට හිමි සම්මානය හිමිවුණේ HIRU TV Youtube නාලිකාවට වන අතර, වසරේ ජනප්‍රියතම දෙමළ ගුවන් විදුලි නාලිකාවට හිමි සම්මානය හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන Sooriyan FM හිමිකරගත්තා.

වසරේ ජනප්‍රියම ශ්‍රාවක තේරීමට හිමි විශිෂ්ටතා සම්මානය Hiru FM හිමිකරගත් අතර, වසරේ ජනප්‍රියම ඉංග්‍රීසි ගුවන්විදුලි (Premier Classic Hits) නාලිකාව ලෙස Gold FM සම්මාන හිමිකරගත්තා.

එමෙන්ම, වසරේ ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාව ලෙස මෙවරත් Shaa FM සම්මාන දිනාගත් අතර, වසරේ වඩාත් ජනප්‍රියතම ටෙලි නාට්‍යය ලෙස හිරු ටීවී විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යයට හිමිවුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි ඩිජිටල් අවකාශයන් සඳහා වන සම්මානය hirunews.lk, hirutv.lk, hirufm.lk & hirugossip.lk යන වෙබ් අඩවි සඳහා මෙවරත් හිමිවූ අතර, වසරේ විශිෂ්ටතම විශ්වසනීය ගවේෂණාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයට හිමි සම්මානය HIRU CIA හිමිකරගත්තා.

ශ්‍රී ලංකාවේ හොඳම සජීවී සංගීත ප්‍රසංග වැඩසටහන සඳහා හිමි විශිෂ්ටත්වයේ සම්මානය හිමිකරගත්තේ HIRU MEGA BLAST වැඩසටහනයි.

වසරේ ජනප්‍රියතම උදෑසන ගුවන්විදුලි වැඩසටහන ලෙස Hiru FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මාන හිමිකරගත් අතර, වසරේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාවට හිමි සම්මානය හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන SUN FM හිමිකර ගත්තා.

එමෙන්ම, වසරේ විශිෂ්ටතම 3D/ඩිජිටල් සජීවීකරණයට හිමි සම්මානයට හිමිකම් කීමට HIRU TV සමත් වුණා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top