දළදා මාළිගා පිවිසුම අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අයෙකු අත්අඩංගුවට.. මහනුවර පොලිසියෙන් පරීක්ෂණ..
මහනුවර ඇසළ දළඳා පෙරහර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී, කලහාකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.
මෙම පුද්ගලයා මහනුවර ශ්‍රී දළදා මාළිගා භූමියට ඇතුළුවන ප්‍රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අද (23) මෙලෙස පරුෂ වචනයෙන් බැනවැදී ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව මහනුවර පොලීසිය වැඩිදුරටත් පැවසුවා.