නුවරඑළිය හග්ගල මහා මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුර.. බස් රථයේ තිරිංග අක්‍රිය වීමෙන් ජීවිතයක් අහිමි වෙයි..
Sunday, 23 August 2026 - 16:49 | Views - 191
නුවරඑළිය - හග්ගල ප්‍රදේශයේදී බස් රථයක තිරිංග (Brakes) ක්‍රියාකාරිත්වය හදිසියේම අක්‍රිය වීම හේතුවෙන් සිදුවූ මාරාන්තික අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හග්ගල සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

අදාළ බස් රථය විනෝද චාරිකාවක් සඳහා හග්ගල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම හදිසි යාන්ත්‍රික දෝෂයට මුහුණ පා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top