iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී.. නවදිල්ලියෙන් ඇසෙන අමුතු පුවත..
Sunday, 23 August 2026 - 16:33 | Views - 49
iPhone ජංගම දුරකථනයක මාසික වාරික ගෙවා ගැනීමට නොහැකිව හටගත් දැඩි මානසික පීඩනය හේතුවෙන් නවගුල්ලියේ පිහිටි යමුනා නදියට පැන්න 30 හැවිරිදි නැටුම් ගුරුවරයෙකු බේරාගැනීමට නවදිල්ලියේ පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ අග්නිදිග දිල්ලියේ කලින්දි කුන්ජ් ප්‍රදේශයේ භෝලා ඝාට් අසලදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඔක්ලා හි සංජේ කොලනියේ පදිංචිකරුවෙකු වන දීපක් කුමාර් නමැති අදාළ පුද්ගලයා, නැටුම් ගුරුවරයෙකු ලෙස මෙන්ම ගෙවතු වගා කටයුතුවලද නිරත වන්නෙකු බව පොලිසිය පවසනවා.

පසුගිය මාස කිහිපය තුළ සිය ආදායම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ලබාගෙන තිබූ iPhone දුරකථනයේ මාසික වාරික ගෙවීමට නොහැකිව ඔහු දැඩි ලෙස මානසික පීඩාවට පත්ව සිට තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ පූර්වාරක්ෂක බෝට්ටු කණ්ඩායම් එක්ව ඔහුව නදියෙන් ගොඩගෙන ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයාට අවශ්‍ය උපදේශනය ලබාදීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ සහ මස්සිනා කැඳවා නිවස වෙත පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top